Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් යානා කාර්මිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. නේපාලයේ සයුරා ගුවන් සේවයට අයත් යානයක් මෙසේ කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන් කර තිබේ. අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සයුරා ගුවන්සේවයේ සේවක පිරිසකි. සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරී ඇති බවයි.  ඔහු මේ වනවිට රෝහල්ගත කර සිටියි.

Related posts

கொலை குற்றவாளிக்கு விஷ ஊசி போட்டு மரண தண்டனை நிறைவேற்றம்

Mohamed Dilsad

පාන් පිටි මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

தமிழகத்தில் ஏற்பட்ட பாரிய தீப்பரவலில் இதுவரை 8 மாணவிகள் பலி

Mohamed Dilsad

Leave a Comment