දේශීය

ජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයි

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (31) පෙරවරු 10. 00 ට රැස්වීමට නියමිතය.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වන බවයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතය.

නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එළ⁣ඹෙන ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

Related posts

වැඩි මිලට වැලි අලෙවි කල පුද්ගලයින් 05 ගේ බලපත්‍ර අත්හිටුවයි

Mohamed Dilsad

අද දිනයේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන්න

Mohamed Dilsad

අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

Leave a Comment