Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මේ වසරේ පළමු මාස 08ට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක් වැය කරලා

මෙරටට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08 තුළ, වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වේ.

2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වේ.

(ඩොලර් මිලියන වලිනි)

ජනවාරි  – 29.1

පෙබරවාරි – 22.3

මාර්තු – 54.0

අප්‍රේල් – 145.6

මැයි – 125.2

ජූනි – 169.6

ජූලි – 206.0

අගෝස්තු – 255.7

Related posts

ரணில் விக்ரமசிங்கவிற்கு ஆட்சி கிடைத்தால் நாட்டிற்கு ஆபத்து

Mohamed Dilsad

12 மாவட்டங்களில் அதிக டெங்கு தொற்று அவதானம்:நோயாளர்களின் எண்ணிக்கை 44 ஆயிரத்தை விட அதிகம்

Mohamed Dilsad

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් සඳහා නමක් මැතිවරණ කොමිෂමට යවයි.

Editor O

Leave a Comment