Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මේ වසරේ පළමු මාස 08ට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක් වැය කරලා

මෙරටට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08 තුළ, වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වේ.

2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වේ.

(ඩොලර් මිලියන වලිනි)

ජනවාරි  – 29.1

පෙබරවාරි – 22.3

මාර්තු – 54.0

අප්‍රේල් – 145.6

මැයි – 125.2

ජූනි – 169.6

ජූලි – 206.0

අගෝස්තු – 255.7

Related posts

ஐ.நாடுகள் மனித உரிமைகள் பேரவையின் 42 ஆவது கூட்டத்தொடர் இன்று ஆரம்பம்

Mohamed Dilsad

பொரளை நோக்கி பயணிப்பவர்கள் மாற்று வழிகளை பயன்படுத்துமாறு பொலிஸார் கோரிக்கை…

Mohamed Dilsad

ට්විටර් ග්‍රාහකයින්ට මස්ක් ගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment