දේශීය

බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී සමගි ජන බලවේගය නිහඩ විරෝධතාවක [VIDEO]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී භූමදානයටද අවසර දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය අද (23) බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත විය.

‘බලහත්කාරයෙන් ආදාහනය නවත්වනු‘යන මැයෙන් මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා මනෝ ගනේෂන් , රාජිත සේනාරත්න , මනූෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සහභිගී වී සිටියහ.

කෝරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී මේ වනවිට බරපතල ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝණය වෙමින් පවතින බවයි විරෝධතාවට එක්ව සිටි මහජන නියෝජිතයින් පෙන්වා දුන්නේ.

 

Related posts

විදේශ දූත මණ්ඩල කොවිඩ් අරමුදලට දායක වෙයි

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

Mohamed Dilsad

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment