ව්‍යාපාරික

ලංකාවේ පාරිසරික සංවර්ධනයට රුසියාවේ තාක්ෂණික සහාය

(UTV | කොළඹ) – මෙරට පාරිසරික සංවර්ධනය උදෙසා තම රටේ උපරිම සහය පළකරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව දැනුම් දී ඇත.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ වත්මන් රජය යටතේ පුළුල් පාරිසරික සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී රුසියානු රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගත හැකි බව තානාපතිවරයා මෙහිදී මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

පැළ මිලියන 02 ක් රෝපණය කර රටේ වනගහණය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ සමස්ත ගංගා පද්ධතියේම ගංගා නිම්න සංරක්ෂණය සඳහා සුරකිමු ගංගා නමින් වැඩ සටහනක් ඇරඹීම හා සෑම අංශයක්ම යොදා ගනිමින් පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ඇරඹීම ඒ යටතේ ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

 

 

 

 

Related posts

සතොස සුදුළුණු කිලෝ 54,000ක් පුද්ගලික ආයතනයකට විකුණයි..

Editor O

බාල කුළු බඩු නිෂ්පාදන පිලිබඳ අවධානයට

Mohamed Dilsad

කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment