ගොසිප්

නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම කුඩා ළමුන්ටයි

(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය ළමුන්ට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බව විද්‍යාඥයින් මත පළකරයි.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ යුරෝපා සංගමයට අයත් රටවල් ඇතුළු ලොව රටවල් 40 ක් පමණ මේ වන විට බ්‍රිතාන්‍යයේ ගුවන් යානා වලට තහනම් පැනවීමට ඊයේ සිට පියවර ගෙන තිබුණි.

දෙසැම්බර් මාසයේ ගෙවුණු කාලසීමාවේ දී ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 60 % ක්ම, එරට පැතිරයන නව කොවිඩ් වෛරසය වැළඳුණු පිරිස් බව හඳුනාගෙන තිබේ.

” ලොවපුරා මෙම වෛරසයේ ව්‍යාප්තිය සිදුවීමත් සමග ඉදිරියේ දී තවත් වෙනස් ආකාරයේ වෛරස් ප්‍රභේදයන් මතුවීමේ අවධානමක් ඇති බව” විද්‍යාඥයින් වැඩිදුරටත් අනතුරු අඟවයි.

එක්සත් රාජධානියේ තත්ත්වයට සමගාමීව දකුණු අප්‍රිකාවේ ද නව ජාන කේතයක් සහිත වෛරසයක් පැතිරයන බවට අනාවරණය වී තිබේ.

රටේ ප්‍රාන්ත කිහිපයක පැතිරයන මේ නව ප්‍රභේදය, VUI-20212/01 ප්‍රභේදයට වඩාත් සමාන නමුත් වෙනස් ලක්ෂණ සහිතය.

එමෙන්ම මේ කාණ්ඩය ඉතා පහසුවෙන් තරුණ ප්‍රජාව අතර පැතිර යන බවත් වාර්තා වේ.

 

Related posts

මර්වින් සිල්වා එළඹෙන මහ මැතිවරණයේදී තරග බිමට

Mohamed Dilsad

“මොළ 7ක් නෙමෙයි මොළ 14ක් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ යාම අපහසුයි”

Mohamed Dilsad

පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment