දේශීය

විදේශ දූත මණ්ඩල කොවිඩ් අරමුදලට දායක වෙයි

(UTV | කොළඹ ) – විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්යමණ්ඩල විසින් කෝවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7 ක් පරිත්‍යාග කර තිබේ.

මුදල ඇතුළත් චෙක්පත විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාථ ආර්යසිංහ විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

මූල්‍යමය ආධාරයට අමතරව, පෞද්ගලික ආරක්ෂක උපකරණ, උෂ්ණමානක, පරීක්ෂණ උපකරණ හා ආර්ද්‍ර උපකරණ වැනි වෙනත් අත්‍යාවශ්‍යය උපකරණ විශාල තොගයක් ද පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සාමාජිකයන් ද රුපියල් මිලියන 2.8 ක මුදලක් කෝවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර ඇත.

Related posts

ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන තීරණයක්

Mohamed Dilsad

පළමු ග්‍රීන් සුපර් වෙළඳසැල විවෘත වෙයි

Mohamed Dilsad

රුසියාවේ සිට පිරිසක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment