දේශීය

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කෙරේ

(UTV | කොළඹ ) – ඊයේ (15) රාත්‍රියේ සිට අද (16) අලුයම තෙක් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.

ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින අතර , නොටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද දින අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් විවෘතකර ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි තේ වත්ත ප්‍රදේශයෙන් කොටසක් නාය ගොස් ඇත.

ප්‍රධාන මාර්ගයට ඉහලින් තේ වත්තේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් තේ ගස් සමග නායගොස් ප්‍රධාන මාර්ගයේ තේ පදුරු සහ පස් රැදි ඇත.

මේ අතර හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි පලයකාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

අධික වර්ෂාවත් සමග හමා යන දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම විදුලි බලයද වරින් වර ඇණ හිට තිබුණි.

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය ට අභියාචනා බාර ගැනීම ඇරඹේ

Editor O

මැනිං වෙළඳපොළට එළවළු රැගෙන ඒම දින 3කට සීමා කිරීමට යයි

Mohamed Dilsad

ඇමති සමන්තට වැඩ වරදී…? ද්වේශ සහගත අපහාසයට නඩු දාන බව රජිත් කීර්ති තෙන්නකෝන් කියයි.

Editor O

Leave a Comment