දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කිරීම මෙහි අරමුණ වෙයි.

එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේ දී 2 වන වර කියවීමේ විවාදයට ගැනීමේ හැකියාව පවතී.

දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව ද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

අනතුරුව 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර ඊට ද පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවිය යුතුය.

ඉන්පසුව අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය නීතිය බවට පත්වනු ඇත.

Related posts

ආහාර විෂවීමකින් සේවකයින් 300කට අධික පිරිසක් රෝහලේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වන වේලාව ඉරිදට දන්වයි

Mohamed Dilsad

එජාපයේ ප්‍රබලයින් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment