දේශීය

ආහාර විෂවීමකින් සේවකයින් 300කට අධික පිරිසක් රෝහලේ

(UTV | කොළඹ) – ගාල්ල, කොග්ගල පිහිටි ඇඟළුම් කම්හලක සේවකයින් 325 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ඊයේ (අප්‍රේල් 19) දිනයේදී එම සේවකයින් ගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් ඔවුන් රෝගී වී ඇති බවට සැක ක‍රන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

අධ්‍යක්ෂවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, දැනට එම පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රෝහල තුළ ඇති බව ය.

Related posts

සෞඛ්‍ය වැඩ වර්ජන තාවකාලිකව නවතී

Mohamed Dilsad

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

Mohamed Dilsad

ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර සිටින අයට විශේෂ සහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment