Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ රෝහල්වල නැති බෙහෙත්, බාහිරින් රැගෙන එන ලෙස තුණ්ඩු ලියන්න දොස්තරලාට චක‍්‍රලේඛයක්.. වගකීම ආයතන ප්‍රධානියාට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් රෝහල්වල නොමැති ඖෂධ සහ ශල්‍ය උපකරණ බාහිරින් ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය මගින් රෝහල් ප්‍රධානීන්ට සහ වෛද්‍යවරුන්ට පැහැදිලි මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර ඇත.

නව මාර්ගෝපදේශවලට අනුව, රෝහලක් තුළ හෝ වෛද්‍ය සැපයුම් ඒකකය තුළ නොමැති ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් තිබේදැයි තහවුරු කර ගැනීමෙන් අනතුරුව, ආයතන ප්‍රධානියාගේ වගකීමට යටත්ව සහ රෝගියාගේ කැමැත්ත මත පමණක් ඒවා බාහිරින් මිලදී ගැනීම සඳහා නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට හෝ විශේෂඥ වෛද්‍යවරුන්ට අවසර ලැබේ.

මෙම සමස්ත ක්‍රියාවලියේ පූර්ණ වගකීම අදාළ ආයතන ප්‍රධානියා විසින් භාරගත යුතුය.

බාහිරින් ඖෂධ හෝ ශල්‍ය උපකරණ මිලදී ගැනීමේදී වෛද්‍ය සදාචාරයන්ට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය වේ. ආයතන ප්‍රධානියා විසින් නිරන්තරයෙන්ම ආයතනවල පවතින සහ නොපවතින ඖෂධ පිළිබඳව වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් දැනුවත් කළ යුතුය.

එමෙන්ම, මෙම තත්ත්වය සම්බන්ධයෙන් රෝගියාගේ ඥාතීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, රෝගියාගේ හෝ ඥාතීන්ගේ කැමැත්ත මත පමණක් මෙලෙස ඖෂධ නිකුත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට අවසර ලබා දී ඇත.

බාහිරින් ලබාගන්නා සෑම ප්‍රදානයක්ම ආයතනයේ විශේෂ ලේඛනයක සටහන් කළ යුතු අතර, ඒ සම්බන්ධ සියලු තොරතුරු සෑම මසක් අවසානයේදී වෛද්‍ය සැපයුම් ඒකකයට දැනුම් දිය යුතුය.

මෙම මාර්ගෝපදේශ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහාද අදාළ වේ. රෝහල තුළ නොමැති විශේෂ පරීක්ෂණ ආයතන ප්‍රධානියාගේ අනුමැතියට යටත්ව බාහිරින් සිදු කරවා ගැනීමටද මෙමගින් අවසර හිමිවේ.

Related posts

இலங்கைக்கு எதிரான டி20 தொடர் – முன்னணி வீரர்கள் ஓய்வு

Mohamed Dilsad

Wreckage of crashed Japanese F-35 fighter jet found

Mohamed Dilsad

Galle Face entry road closed due to UNP public demonstration

Mohamed Dilsad

Leave a Comment