දේශීය

ධානිෂ් අලීට ඇප

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධානිෂ් අලී ඇප මත මුදාහැර තිබේ.

ඒ, සැකකරු අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවට ඉදිරිපත් කර අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස ය.

සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

ඇප මත නිදහස් වීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කර තිබේ.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමේ

Mohamed Dilsad

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

බස් වල හිටගෙන යනවා නම් නව ගාස්තු

Mohamed Dilsad

Leave a Comment