දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කිරීම මෙහි අරමුණ වෙයි.

එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේ දී 2 වන වර කියවීමේ විවාදයට ගැනීමේ හැකියාව පවතී.

දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව ද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

අනතුරුව 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර ඊට ද පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවිය යුතුය.

ඉන්පසුව අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය නීතිය බවට පත්වනු ඇත.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අතර ද්විපාර්ශවීය සාකච්ඡා අරඹයි

Mohamed Dilsad

අවුරුදු 12ට වැඩි දරුවන්ටත් ෆයිසර්

Mohamed Dilsad

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අත්සන් 1640ක විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment