දේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අයට තහංචියක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියානු රටවල් 04 ක සිට පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර ඇත.    

පකිස්ථානය – බංග්ලාදේශය සහ නේපාලයේ සිට පැමිණෙන පුද්ගලයන්ටද ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම නියෝගය බලපැවැත්වෙනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙය අදාළ වන අතර වෙනත් රටකට යාම සඳහා පැමිණෙන මගීන්ට තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ගමන් කිරීමට අවස්ථාව පවතියි.

එමෙන්ම ගතවූ දින 14 ක කාලය තුළ මෙම රටවල් 04 හි කාලය ගතකර ඇති ඕනෑම අයෙකුටද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැත.

එක්සත් අරාබි රාජ්‍යයට අයත් ඩුබායි – අබුඩාබි සහ ශාජා ඇතුලු සියලු ගුවන් තොටුපළ සඳහා මෙම නියමයන් බලාත්මක වනු ඇති.

 

Related posts

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

Mohamed Dilsad

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල අද විශේෂ නිරීක්‍ෂණයක්

Mohamed Dilsad

නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment