දේශීය

මහනුවර පස්මහල් ගොඩනැගිල්ල අවට පදිංචිකරුවන් ඉවත් කරයි

(UTV| මහනුවර) – මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේදී ඊයේ (20) කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩාවැටීමට හේතුව නායයෑමක් නොවන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අදාළ ඉදිකිරීම සිදුකර ඇත්තේ සිය නිර්දේශවලට අනුකූලව නොවන බවත්, එහි අත්තිවාරම නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවත් අනාවරණ වී ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

කඩාවැටුණු ගොඩනැගිල්ල ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචිකරුවන්ට එම ස්ථානවලින් තාවකාලිකව ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දී ඇත.

ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ද වෙන වෙනම විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර මෙම පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට බලපා ඇති හේතු පිළිබද පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාද නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ අතර අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව අද අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය පවසයි.

එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මහනුවර මහ නගර සභාව , භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු අනිකුත් ආයතන වල අවසරය ලැබී නොමැතිනම් එම පුද්ගලයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

Related posts

කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට

Mohamed Dilsad

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල නව ක්‍රමවේදයක් යටතේ ජනතාව අතට

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ 244 ක් වෙයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment