දේශීය

කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට

(UTV | කොළඹ) – මන්දකට හසු වි ගසක් මත සිර වි සිටි කඳුකර කොටියා ගස කපා බේරා ගැනිමට උත්සහ කල අවස්තාවේ ගසෙන් බිමට වැටී සුළු වේලාවකින් පසු එම ස්ථානයේම මිය ගිය බව සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක පැවසිය.

හැටන් වනරාජා වතු යායට අයත් සමර්හිල් කොටසේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසු වූ කදුකර කොටියා මන්ද ගලවා ගැනිම සදහා යුකැලිප්ටස් ගසක නැග ඇත.මන්ද ගලවා ගැනිමට ගස මත විශාල උත්සහයක නිරතව සිටි අවස්තාවේ මන්ද අටවා තිබු කම්බියෙන් උදරය කැපි විශාල ලෙස තුවාල සිදු වි තිබිම නිසා ගස කපා බිමට පතිත කිරිමත් සමග සත්වයාගේ උදරය ප්‍රදේශයේ ඇති වි තිබු විශාල තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම කදුකර කොටියා මාස දහයක් පමණ වයසැති කුඩා පැටවෙකු බවත්, එම සත්වයාව නිර්වින්දනය කර බේරා ගැනිමට රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාද එම ස්ථානයට පැමිණි බව වනජිවි නිලධාරින් පැවසිය.

මියගිය කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත (07) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කර ඇත.

Related posts

ධනංජය – කමිදු ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටනක

Editor O

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

Mohamed Dilsad

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment