දේශීය

IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන්

(UTV | කොළඹ) – IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 

එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි.

එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.

එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් 20 % කට පමණ ඔක්සිජන් ලබා දී තිබෙන අතර , ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළගොස් ඇති බව වාර්තා වෙයි.

Related posts

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

Editor O

සවස 2.00න් පසු තැනින් තැන වැසි

Mohamed Dilsad

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment