දේශීය

එජාපයේ ප්‍රබලයින් අද ජනපති හමුවෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු අප වෙත දැනුම් දුන්නේ.

මේ අතර, නව පක්ෂ පත්කිරීම් පිළිබඳව ද අද රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මීට පෙර ප්‍රකාශ කළේ පුළුල් සන්ධානයකින් මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බවයි.

පුළුල් සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පැවසීය.

Related posts

කොරෝනාවට ප්‍රතිකාර කිරීමට ජපානයෙන් ඖෂධ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

රට පුරා වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අදත්

Mohamed Dilsad

Leave a Comment