දේශීය

රට පුරා වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අදත්

(UTV | කොළඹ) – ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (22) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට අදාළව මේ අදක්වා සිය සංගමයට රජයෙන් ප්‍රධාන සාකච්ඡාවක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවති බවත් එහිදී මූලික කාරණා 5ක් පිළිඳව දීර්ඝව සාකච්ඡා වූ බවත් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේය.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම මූලික සාකච්ඡාවකට අදාළව නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටින බවයි.

මේ අතර වර්ජනය ක්‍රියාත්මක වුව ද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක් බව සඳහන්.

Related posts

රජරට රැජින පීලිපනී

Mohamed Dilsad

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ 90,000 ඉක්මවයි

Mohamed Dilsad

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment