විදෙස්

ලෝකෙම දන්න මිනිසාගෙන් දික්කසාද හින්දා බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයට අලුත් පැනුම

(UTV |  ඩුබායි) – ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බිල් අල් මක්තූම්ගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාදය බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම වන්දියක් තීන්දුවූ නඩු කටයුත්ත බවට පත්වී තිබේ.

ඒ දික්කසාද වන්දි ලෙස පවුම් මිලියන 500කට අධික මුදලක් ඩුබායි පාලකයාට සිය බිරිඳට ගෙවීමට සිදුවීම හේතුවෙනි.

ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම්ගේ බිරින්දෑවරු හයදෙනාගෙන් ළාබාලතම බිරිඳ වුණේ මේ වන විට 47 හැවිරිදි වියේ පසුවන හයා බින්ට් අල් හුසේන් කුමරියයි.

ඇය ජෝර්දානයේ හිටපු රජු, හුසේන්ගේ දියණියකි.

හයා කුමරිය 2004 වසරේදී මක්තූම් හා විවාහ වූ අතර 2019 වසරේදී එම විවාහය අවසන් වුණි.

විවාහයෙන් මේ යුවළට දරුවෝ දෙදෙනෙක් ද සිටිති.

2019 අප්‍රේල් මාසයේදී සැමියාට බියෙන් සිය දරුවන් දෙදෙනා සමග බ්‍රිතාන්‍යයට පළා ආ හයා කුමරිය, මක්තූම්ට එරෙහිව ලන්ඩන් අධිකරණයක දික්කසාද නඩුවක් ගොනු කළාය.

දික්කසාදය නිරවුල් කිරීම සඳහා ඩුබායි පාලකයා හයා කුමරිය හා දරුවන් දෙදෙනාට පවුම් මිලියන 550ක පමණ මුදලක් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර තිබේ.

එම මුදලින් වැඩි ප්‍රමාණයක් යෙදවෙන්නේ ඩුබායි පාලකයා හයා කුමරියට හා දරුවන් දෙදෙනාට එල්ල කර ඇති බරපතළ තර්ජනයෙන් මිදීමට බව විනිසුරු ෆිලිප් මුවර් පැවසීය.

Related posts

ජකර්තාව ජලයෙන් යටවී 9 ක් මරුට

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ විවාද සටනින් ජෝ බිඩ්න්ට ජය

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment