විදෙස්

ඇමරිකානු ජනපතිවරණ විවාද සටනින් ජෝ බිඩ්න්ට ජය

(UTV | ඇමරිකාව) – 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් දෙදෙනා වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බිඩ්න් අතර පැවැත්වෙන පළමු දේශපාලන විවාදයෙන් ජෝ බිඩ්න් ජයගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දෙදෙනා අතර සම තත්වයේ සටනක් පැවති ඇති අතර , එහිදී 10 % ක් සිය මතය ප්‍රකාශ කර ඇත.

විනාඩි 90 කට ආසන්න කාලයක් පැවති මෙම විවාදයේදී කොවිඩ් තත්ත්වය , විරැකියාව , ආර්ථිකය මෙන්ම පුද්ගලික කරුණු සම්බන්ධයෙන් ද දෙදෙනා අතර උණුසුම් වාද විවාද පැවැත්වුණි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින 34 ක පමණ කාලයකි.

Related posts

චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

Mohamed Dilsad

Leave a Comment