විදෙස්

උතුරු කොරියාවේ ජනතාවට සිනහව තහනම් වෙයි

(UTV | උතුරු කොරියාව) – දින 11ක කාලයක් තම රට වැසියන්ට සිනහ වීම පවා තහනම් කළ රටක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම රට වන්නේ කිම් ජෝන් අන් විසින් පාලනය කරන උතුරු කොරියාවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ පියා වන කිම් ඉල් සුන්ගේ ගුණානුස්මරණය සමරමින් මෙලෙස දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවය.

දෙසැම්බර් මස 17 වනදා සිට මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලසීමාව තුළදී එරට වැසියන්ට මත්පැන් පානය කිරීම, සාප්පු සවාරිවල නිරත වීම තහනම් කර ඇත.

එසේම ශෝක කාලය තුළදී විනෝදාස්වාදය සපයන කටයුතුවල නිරත වීම හෝ කුමන හෝ සැමරීමක් කිරීම ද තහනම් කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ඉන්දියාවට අල් – කයිදා නායකගෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මීළඟ වසංගතය ‘නිපා’ ද?

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment