විදෙස්

බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුට

(උදයම්,සෝමාලියාව)  –  මොගඩිෂු අගනුවරට හෝටලයකට එල්ල වූ බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාල ලබති.

එරට ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, බෝම්බ ප්‍රහාරයෙන් පසු වෙඩි ප්‍රහාරයක් ද එල්ල වී ඇති බවය.

එම හෝටලය එරට ඇතැම් මන්ත්‍රීවරුන් මෙන් ම ප්‍රසිද්ධ පුද්ගලයින් ද නවාතැන් ගන්නා හෝටලයකි.

ආරක්ෂක අංශවල ප්‍රතිප්‍රහාරවලින් ප්‍රහාරකයින් සිව් දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෝමාලියානු ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අල්- ෂබාබ් සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, පුපුරණද්‍රව්‍ය පුරවා ගත් රථයක් එකවරම හෝටලය තුළට ඇතුළු වූ බව ත් ඉන් අනතුරුව වෙඩි තබනු ඇසුණු බව ත් ය.

ප්‍රහාරයෙන් පසු හෝටල් සංකීරණය තුළ මෙන්ම ඒ අවට ද ආරක්ෂාව තර කර තිබේ.

හෝටලය පිහිටා ඇත්තේ, සෝමාලියානු ජනාධිපති මන්දිරයේ සිට සැතපුමක් පමණ දුරකිනි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට සූදානමින් සිටින අවස්ථාවකදී ය.

Related posts

ලෝ පුරා කොවිඩ් 19 මරණ 74 000 ඉක්මවා යයි

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් බෝම්බ 6000ක්

Mohamed Dilsad

ඩොලර් මිලියන 83ක් වන්දි ගෙවන ට්‍රම්ප්

Mohamed Dilsad

Leave a Comment