විදෙස්

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

(UTV | ලාහෝර්) – පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එහිදී එම සැකකරු පවසා ඇත්තේ ඉම්රාන් ඛාන් මිනිසුන් නොමඟ යවන බැවින් ඊට එරෙහිව එම වෙඩි තැබීම සිදුකළ බවයි.

එය හුදෙක් තමන්ගේ සැලසුමක් පමණක් බවත්, ඒ සඳහා දේශපාලනමය මැදිහත්වීමක් හෝ ආගමික මැදිහත්වීමක් මෙන්ම කිසිදු ත්‍රස්ත කණ්ඩායමක මැදිහත්වීමක්ද නොමැති බවට සැකකරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ වෙඩි ප්‍රහාරයකට ලක්වුණා. ඒ පකිස්තානයේ ගුජ්රාන්වාලා හීදී පැවති ජනරැළියක් අමතමින් සිටියදීයි.

ජන රැළිය සංවිධානය කර තිබුණේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් PTI පක්ෂයයි. ඉම්රාන් ඛාන් වේදිකාව මත සිට පක්ෂයේ ආධාරකරුවන් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයට තුවාල සිදුව ඇතැයි PTI පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනතුරුව ඉම්රාන් ඛාන් රෝහල් ගත කර තිබුණා. කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඊයේ වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් ඡඔෂ පක්ෂයේ ප්‍රභලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊට සහභාගී වූ එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වුවත් කිසිදු පාර්ශ්වයක් විසින් ඒ බව නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වහාම මැතිවරණයක් පවත්වන ලෙස පකිස්තාන රජයට බලකරමින් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් PTI පක්ෂය මෙම විරෝධතා පා ගමන ආරම්භ කර තිබුණා

Related posts

ටාටා හිටපු සභාපති මරුට

Mohamed Dilsad

ඩකා නුවර ගින්නකින් 60කට ආසන්න පිරිසක් මරුට

Mohamed Dilsad

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment