ගොසිප්

සාරි ගලවන්න හදන ස්ටාලිං

(UTV | කොළඹ) – ගුරුවරියන්ට සැහැල්ලු ඇඳුමක් ලබා දීමට උත්සාහ කරන ජෝශප් ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසු බව ඉදිරියේදී ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසයි.

ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට ජෝශප් ස්ටාලින්ට අයිතියක් නැහැ. ඊට විරෝධය පළ කරලා අපි අධ්‍යාපන ඇමැතිට, ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ යන විදියට ගිහිං තව ටික දවසකින් ගුරුවරුන්ටත් සැහැල්ලු ඇඳුමක් ඕනෑ කියලා ජෝශප්ලා අමුඩයක් ඇඳගෙන පාසල් එන්න ඕනෑ කියයිද දන්නෑ. ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ විෂය මාලාව ක්‍රමවත් කිරීම සම්බන්ධව ගුණාත්මක අධ්‍යාපන වැඩපිළිවෙළක් බිහි කිරීමට ඉල්ලීම් කළ යුතු මොහොතක, ජෝශප්ලා මේ රෙද්දක් අල්ලගෙන දඟලන්නේ කුමන මගඩියකට දැයි සිතා බැලිය යුතු බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

Related posts

ඇඳිරි නීතිය මැද ප්‍රබල දේශපාලඥ පුතෙකුගේ විවාහ උත්සවයක් [PHOTOS]

Mohamed Dilsad

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

Mohamed Dilsad

ඉදිරි සතිය අවධානම්.සංචරණය සීමා කරන්න

Mohamed Dilsad

Leave a Comment