දේශීය

“රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන අයට ඡන්දය දෙන්න එපා”

(UTV | කොළඹ) – රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බවය.

“ඉස්සර තිබුණා කොට්ඨාස ක්‍රමයක්. ඒ ක්‍රමයට අපි මන්ත්‍රීවරයෙක්ව පත් කළාම ඔහු බලනවා පුළුවන් තරම් ඔහුගේ ප්‍රදේශයේ ජනතාව ගැන. දැන් එහෙම එකක් නෑ. මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද හොයන්න යන්න ඕනේ. ඡන්දෙ දීපු මිනිස්සු ආපුවාම එළවගන්නවා.”

“ආදරණීය ජනතාවනී.. දෙන්න එපා මේ අයට ඡන්දය. ඡන්දය දෙන්න ඕනේ මේ රටේ ජනතාව ගැන සංවේදී තත්ත්වයකින් කටයුතු කරන්න පුළුවන් නායකත්වයකට පමණයි.”

Related posts

ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

Mohamed Dilsad

වසර 397 කට පසුව අද රාත්‍රියේ එළැඹෙන දුර්ලභ ග්‍රහ පිහිටීම

Mohamed Dilsad

විභාග රැසක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment