විදෙස්

එල් සැල්වදෝර් හමුදාව පාර්ලිමේන්තුවට බලහත්කාරයෙන් ඇතුල් වෙයි

(UTV | එල් සැල්වදෝර්) –  ආයුධ වලින් සන්නද්ධ එල් සැල්වදෝර් පොලිස් සහ හමුදා නිළධාරීන් එරට පාර්ලිමේන්තුවට බලහත්කාරයෙන් ඇතුල් වී තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 109 ක අයවැයක් සම්මත කරගැනීමට එරෙහිව වගේම ඔවුන්ව වඩා හොදින් සන්නද්ධ කර ගැනීමටයි.

එල් සැල්වදෝර් ජනාධිපති නයිබ් බුකෝල් පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම්වන අවස්ථාවේදී පොලිස් සහ හමුදා නිළධාරීන් සභාවට බලහත්කාරයෙන් ඇතුල් වී ඇත.

මීට ඉහතදී එල් සැල්වදෝර් ජනාධිපති දින හතක කාලයක් ලබාගත්තේය. ඒ මෙම අයවැය පිළිබදව සම්මතයකට පැමිණීමටයි.

විපක්ෂය විසින් මෙම ක්‍රියාන දැඩි ලෙස හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල් සැල්වදෝර් යනු ලෝකයේ වැඩිම මිනී මැරුම් සිදුවන රටවල් වලින් එකකි. මේ හේතුවෙන් එරට පොලිස් සහ හමුදා නිළධාරීන් මෙම අයවැය සම්මත කරගෙන වඩාත් හොදින් අපරාධකරුවන්ට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටියි.

Related posts

පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී

Editor O

ශුද්ධෝත්තම පාප්වහන්සේ ජපානයට

Mohamed Dilsad

Leave a Comment