විදෙස්

පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලේ

(උදයම්,දකුණු කොරියාව)  –  තනතුරෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවන් හේ  අත්අඩංගුවට ගැනීමට  ඇති හැකියාව පිළිබඳව එරට නීතිපතිවරයා අධිකරණයෙන් කරුණු විමසයි.

ඇයට දූෂණ චෝදනා එල්ලවී තිබීම ඊට හේතුවී තිබේ.

පාර්ක් ගුවෙන් හේ සිය තනතුරෙන් ඉවත් කිරීමට දකුණු කොරියානු අධිකරණය පසුගියදා තීන්දු කළේය.තනතුරෙන් ඉවත් කිරීමේදී ඇයට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි පැවති ජනාධිපති වරප්‍රසාද ද අධිකරණය මගින් ඉවත් කෙරුණි.

කෙසේ වෙතත් දකුණු කොරියානු ඉතිහාසයේ මෙලෙස බලයෙන් ඉවත් කෙරුණු ප්‍රථම ජනාධිපතිනිය ද ඇයවේ.

Related posts

ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් 62ක් මරුට

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප්ගේ හිත වෙනස් වෙයි

Mohamed Dilsad

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment