ප්‍රමුඛ පුවත 1

ධීවරයින්ට ටැබ් පරිගණක ලබා දීමට මිලියන 149ක්

(උදයම්,කොළඹ) – මෙරට ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසයි.ඒ සඳහා රුපියල් මිලියන 149ක මුදලක්  වෙන් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.ඒ ජාත්‍යන්තර මුහුදේ දී අල්ලාගන්නා මසුන් පිළිබඳව නිවැරදි දත්ත සටහන් කරගැනීමටය.
ඒ සඳහා අවශ්‍ය පුහුණුවද ඔවුන්ට ලබා දීමට නියමිතවය.
ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේදී නිශ්චිත සටහන් යෙදීම සඳහා ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බවයි.ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් මත්ස්‍ය තහනමක් පැනවීමට මූලික කරුණක් වූයේද ජාත්‍යන්තර මුහුදේදී අල්ලාගන්නා මසුන් පිළිබඳ නිවැරදි දත්ත සටහන් නොකිරීමයි.

Related posts

NTJ සැකකරුවන් 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මහින්දගේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානය

Mohamed Dilsad

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

Mohamed Dilsad

Leave a Comment