විදෙස්

කොටුවී සිටින විරෝධතාකරුවන්ව මුදාහරින ලෙසට මියන්මාර හමුදා පාලකයන්ට දන්වයි

(UTV | මියන්මාරය) – මියන්මාර ආරක්ෂක හමුදා විසින් යැන්ගුන් අගනුවර විරෝධතාකරුවන් සිය ගණනක් කොටු කරගෙන සිටින අතර ඔවුන් වහාම මුදා හරින ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ ජගත් සංවිධානය ද ඉල්ලීම් කර ඇත.

යැන්ගුන් නගරයේ විරෝධතාවල නිරතවූ පිරිසක් ආරක්ෂක අංශ විසින් මෙලෙස කොටුකරගෙන සිටින බවට චෝදනා එල්ල වෙයි.

ඔවුන් සාමකාමීව විරෝධතාවල නිරතවූවන් බැවින් ආරක්ෂිතව මුදා හැරිය යුතු බව ජගත් මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කරයි.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජය පෙරළා දමා බලය පැහැර ගත් හමුදා පාලකයන්ගේ ඇඳිරි නීති සීමාවන් නොතකා විශේෂයෙන් යොවුන් විරෝධතාකරුවන් ඊයේ රාත්‍රියේත් එරට අගනුවරට රැස්විය.

එහිදී සන්නද්ධ හමුදා කඳුළු ගෑස් ප්‍රහාර සහ වෙඩි ප්‍රහාර එල්ල කරමින් ඔවුන් කොටු කරගෙන ඇති අතර, ඊයේ දිනයේ විරෝධතාකරුවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මේ වන විට මියන්මාරයේ විරෝධතාවලදී පුද්ගලයන් 60 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර 1800 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මේ අතර, හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා ආවරණය කළ මියන්මාර මාධ්‍ය ආයතන 5 ක බලපත්‍ර හමුදා බලධාරීන් විසින් අවලංගු කර ඇත.

 

 

Related posts

දෙනෝදාහක් බලා සිටියදී තම පුතුගේ ඝාතකයා නඩුවට ගිහින් එනගමන් අමානුෂික ලෙස කපා ඝාතනය කළ තාත්තා – [VIDEO]

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 96 දහසක්

Mohamed Dilsad

Leave a Comment