විදෙස්

ඉන්දියාවේ ඉන්ධන මිල පහළට..ශ්‍රී ලංකාවේ?

(UTV| කොළඹ) – මිල සූත්‍රයක් අනුව ඉන්දියාවේ පෙට්‍රල් සහ ඞීසල් මිල රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගනී.

එහිදී රජය මගින් බදු ලීටරයකට රුපියල් 1 යි 50 බැගින් අඩු කර ඇත.

එවිට ඉන්ධන අලෙවි සමාගම් රුපියලක් අඩු කළ යුතුය.

ජනතාවට සහනයක් සැලසීම සදහා මෙලෙස ඉන්ධන මිල අඩු කළ බවයි ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙයිට්ලි පවසා තිබේ.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ඉරානයට පැනවුණු සම්බාධක හේතුවෙන් ඉන්දියාවේ ඉන්ධන මිල ද මේ වනවිට වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත.

මේ වනවිට දිල්ලි අගනුවර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 84 දක්වා ඉහළ ගොස් ඇත.

ඞීසල් මීටරයක මිල රුපියල් 75 ඉක්මවා ගොස් ඇති අතර ජනතාවට ලබාදුන් සහනය දෙගුණ කිරීම සදහා ඉන්ධන ලීටරයක් සදහා තවත් රුපියල් 2 යි 50 ක් අඩු කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය එරට ප්‍රාන්ත රජයන් වෙත දැනුම් දුන්නේය.

ඊට එකගවූ ප්‍රාන්ත 10 ක ඉන්ධන මිල ලීටරයකට රුපියල් 5කින් පහත  ගොස් ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තෙරේසා මේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

හැරී-මේගන්ගේ තීරණයට මහ රැජිනගෙන් අවසර

Mohamed Dilsad

ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment