දේශීය

කහ කිලෝ තොගයක් කල්පිටියෙන් සොයා ගනී

(UTV |කල්පිටිය ) –  කහ කිලෝග්‍රෑම් 1004 ක් කල්පිටිය ඒත්තුකාල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගෙන තිබේ.

මේවා ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරේ.

ඒවා මළු 23 ක අසුරා තිබූ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගන්නා විට මෙම කහ තොගය ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු බවද වාර්තා වේ.

මේවා මෙරටට රැගෙන ආ පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Related posts

දරුවන් ගැන පරිස්සමින්

Mohamed Dilsad

කොළඹ නගර සභාව දිනුවත්, මාලිමාවේ දේශපාලන ආචාරධාර්මිකත්වය හෑල්ලුවට ලක්වෙලා….

Editor O

සිවාජිලිංගම්ට ඇප

Mohamed Dilsad

Leave a Comment