දේශීය

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත

(UTV | කොළඹ ) – අද (04) පෙරවරුවේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ වේ.

නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.

එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යාමට නියමිතය.

අද රාත්‍රීයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් එම ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

තවද අද දිනයේ ද ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව වාර්තා වේ.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වැසෙයි

Mohamed Dilsad

කොවිඩ් මරණ 617 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

නැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා

Editor O

Leave a Comment