දේශීය

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත

(UTV | කොළඹ ) – අද (04) පෙරවරුවේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ වේ.

නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.

එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යාමට නියමිතය.

අද රාත්‍රීයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් එම ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

තවද අද දිනයේ ද ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව වාර්තා වේ.

Related posts

ජුලි 31 වනවිට ගෑස් හිඟය අවසන් – ලිට්‍රෝ

Mohamed Dilsad

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය

Editor O

Leave a Comment