Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයි

ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හී මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් ඊයේ (18) පස්වරුවේ අක්‍රිය විය.

මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් අක්‍රිය වූ අතර, ශ්‍රී ලංකා මිරර් ද Cloudflare සේවාව ලබාගෙන තිබූ නිසා ඊයේ (18) සවස්වරුවේ අදාල බිඳවැටීමට ලක්විය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් Cloudflare සමාගම සඳහන් කර තිබුණේ සිය සේවාවට අසාමාන්‍ය ගමනාගමන වැඩිවීමක් පෙන්නුම් කළ බවත් ඒ හේතුවෙන් සිය ජාලයේ දෝශ හටගත් බවත්ය.

කෙසේවෙතත් මෙම අසාමාන්‍ය ගමනාගමන වැඩිවීමට හේතුව කුමක්ද යන්න පැහැදිළි නොවුණ බවත් දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුහුසුළුව සිය සමාගම කටයුතු කරන බවත් එම සමාගම නිවේදනය කර තිබිණි.

අදාළ තත්ත්වය හේතුවෙන් X, Chatgpt ඇතුළු සමාජ මාධ්‍ය රැසක්ද අක්‍රීය වී තිබිණි.

කෙසේනමුත් සමාගම විසින් මෙම බිඳ වැටීම යතාවත් කිරීමට කටයුතු කර ඇති අතර මේ වන විට වෙබ් අඩවි රැසක් යතාවත් වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

Phase 1 of G.C.E. O/L Exam evaluation concludes

Mohamed Dilsad

கைக்குண்டு மீட்கப்பட்ட சம்பவத்தில் சந்தேகநபர் குற்றத்தடுப்பு பிரிவிடம்

Mohamed Dilsad

Hawaii Lava Boat Tours Continue After Explosion, Injuries

Mohamed Dilsad

Leave a Comment