Trending Newsඑසැන පුවත්දේශීය

නැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රා මගින් ධීවර සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම අවධානම් සහිත මුහුදු ප්‍රදේශවල මේ වන විට රැකියාවේ නිරතව සිටින සියළුම ධීවර යාත්‍රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරන ලෙසත්, සියළුම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන සහ ගුවන් විදුලි පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත් එහිදී අවධාරණය කර තිබේ.

Related posts

Anthony Joshua: Briton stops Wladimir Klitschko to win epic world heavweight fight

Mohamed Dilsad

Veteran Actress Chithra Wakista passes away

Mohamed Dilsad

English Language Exam to replace Grade 5 Scholarship?

Mohamed Dilsad

Leave a Comment