දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු ඊයේ (15) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

ඒ වෛරසය ඔවුන්ගේ ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

මේ වන විට වෛරසය ආසාධනය වී  සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන  177ක් ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Related posts

” අපි වෙනුවෙන් අපි ” අජිත් නිවාඩ් කබ්රාල් අරමුදලේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් කිහිප දෙනෙක් හදුනා ගනී

Mohamed Dilsad

විවාහ උත්සව සඳහා අවසර නැතත් ලියාපදිංචියට තවදුරටත් අවසර

Mohamed Dilsad

Leave a Comment