දේශීය

ගංවතුරට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සීරුවෙන්

(UTV | කොළඹ) – මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව අද (16) කටයුතු කරන ලදි.

ඒ අනුව, දකුණු පළාතේ තවලම, උඩුගම සහ නාගොඩ ප්‍රදේශයන්හි සහ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදා සහන සැළසීමේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ  විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

තවද, පසුගිය දින කිහිපය පුරාම ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් නාවික හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වී ජලය බැස යාම අවහිරවී තිබූ පාලම් පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, රටතුල ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාවට තාක්‍ෂණිකව සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

Related posts

කොළඹ සරසවියේ සිසුන් පිරිස 13 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

පොල්තෙල් මිල ඉහළ යාම ගැන වෙළ‍ඳ ඇමතිගේ අවධානයට

Editor O

කොරෝනා වෛරසය ආසාදිතයින්ට ඖෂධයක් ?

Mohamed Dilsad

Leave a Comment