දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු ඊයේ (15) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

ඒ වෛරසය ඔවුන්ගේ ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

මේ වන විට වෛරසය ආසාධනය වී  සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන  177ක් ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Related posts

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Editor O

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

එළඹෙන සඳුදා සිට ලංගම බස් 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවත සේවයට

Mohamed Dilsad

Leave a Comment