Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිස්ත්‍රික්ක 12කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි. නාමයෝජනා භාරගැනීම අවසන් විමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දිස්ත්‍රික් 12ක තොරතුරු මේ වනවිට මුද්‍රණාලය වෙත ලැබී ඇති අතර සෙසු දිස්ත්‍රික්කවල තොරතුරු ද ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බව මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද මුද්‍රණාලය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ. මැතිවරණය සඳහා වන මෙම සියලු මුද්‍රණ කටයුතු අප්‍රේල් මස 28 වනදා පමණ වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව මුද්‍රණාලයාධිපතිවරයා පැවසීය.

මේ හේතුවෙන් මුද්‍රණාලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර මෙවර මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් 10 දෙනෙකු සිටින බව අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව කටයුතු කරන ලෙසට සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය

Related posts

Basic salary of State sector to increase?

Mohamed Dilsad

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් නොකළහොත් තිස්ස විහාරය බිඳ දමනවා – ශ්‍රී ධරන්ගෙන් ප්‍රකාශයක්

Editor O

நாட்டின் பல பிரதேசங்களில் இன்று இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment