දේශීය

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගනී

(UTV | රත්නපුර) – විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුළුව විශ‍්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බදවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

සබරගමු පළාතේ රොහල්වල පවතින තදබල වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිගය මගහැරීම සදහා මෙම තීරණය ගෙන තිබේ.

සබරගමු පළාතේ වෛද්‍යවරු 218 දෙනෙකුගේ සහ හෙද නිලධාරීන් 33 ක් මේ වනවිට පුරප්පාඩුව පවතින බව පළාත් ආණ්ඩුකාරවරවරයා පවසයි.

මේ වනවිට වෛද්‍ය සේවයේ පුරප්පාඩු වෙනුවෙන් විශ‍්‍රාම ලද සහකාර වෛද්‍ය සේවයේ නිලධාරින් තාවකාලික පදනම මත යළි බදවාගෙන ඇති බවද පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ පළාත් මහ රෝහලක් ඇතුලුව, මුලික රෝහල්, ප‍්‍රාදේශීය රෝහල්, පර්යන්ත රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා ඇතුලුව 60 කට ආසන්න සංඛ්‍යාවක් පවතී.

Related posts

උණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්

Editor O

කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

පොලීසිය හා STF අතහැර ගිය අයට යළිත් එක්වීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment