දේශීය

ධාවනයට එක්කරන දුම්රිය සංඛ්‍යාව හෙට සිට ඉහළ දමයි

(UTV | කොළඹ) – හෙට (01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දුම්රිය ගමන්වාර 33 ක් හෙට දිනයේ දී ධාවනයට එක් කිරීමට නියමිත බවත් , එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර තිබේ.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස් රථ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

Related posts

ගල් අඟුරු ටෙන්ඩර් ජාවාරම පැලවත්තේ ගේමක්

Editor O

රත්නපුර ඇල්ල දේවාලය අසල නායයාමකින් තිදෙනෙක් අතුරුදන්

Mohamed Dilsad

නුවරඑළිය වලපනේ රික්ටර් මාපකයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක්

Mohamed Dilsad

Leave a Comment