දේශීය

ධාවනයට එක්කරන දුම්රිය සංඛ්‍යාව හෙට සිට ඉහළ දමයි

(UTV | කොළඹ) – හෙට (01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දුම්රිය ගමන්වාර 33 ක් හෙට දිනයේ දී ධාවනයට එක් කිරීමට නියමිත බවත් , එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර තිබේ.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස් රථ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

Related posts

2025 ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා ඉහළට

Editor O

නාමල්ගේ වැලිමඩ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් අරන් ඇවිත්

Editor O

දිස්ත්‍රික් 08 කට නාය යෑමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment