දේශීය

ගතවූ මාසයේ කොවිඩ්-19 රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම සතුටට කාරණයක්

(UTV | කොවිඩ් 19) – ගතවූ මාසය පුරාවටම කොවිඩ්-19 රෝගීන් ප්‍රජාවතුලින් වාර්තා නොවීම රටක් වශයෙන් සතුටු විය හැකි කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (31) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය,

“අද මැයි මස 31 වනිදා. COVID-19 ආසාදිත රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම පිළිබද රටක් විදිහට ඔබ අපට සතුටු විය හැකි කරුණක්.  මේ අයුරින් මෙම වසංගතයෙන් රට බේරා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ලබාදුන් දායකත්වය, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සිදු කළ අප්‍රතිහත කැපකිරීම මේ අවස්ථාවේ සදහන් කළ යුතුයි.

ප්‍රජාව වශයෙන් ඔබ විසින් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදීම ද මේ තත්ත්වය උදාවීමට හේතු සාධක වුනා.

රට තුල කිසිදු ගමකින් නගරයකින් කිසිදු වෛරසය ආසාදිතයෙකු වාර්තා නොවන තත්ත්වයට අපට මේ රට ගෙන ඒමට හැකිව තිබෙනවා. මාධ්‍ය අංශ විසින් සිදු කළ සුවිසල් මෙහෙය ද මේ අවස්ථාවේ අපි විශේෂ ඇගයීමකට ලක් කරනවා.”

“අපට අද තිබෙන ප්‍රශ්ණය තමයි රෝගීන් විදිහට ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙනවා. පැමිණෙන්නේ රෝගය හදාගෙන.

මේ වන විට 522 ක් විදේශ රටවල දී රොගීන් වී ලංකාවට පැමිණ තිබෙනවා. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාගෙන් 330 ක්ම රෝගීන් ලෙසයි ලංකාවට පැමිණ තිබෙන්නේ.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 ක් රෝගීන් විදිහට පැමිණි බවට මේ වන විට වාර්තා වී තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාම මේ වනවිට පළමු වටයේ PCR පරික්ෂණ වලට ලක් කර තිබෙනවා. ඔවුන් නැවත දින 10 කට පසු PCR පරික්ෂණ වලට ලක් කරනවා.

“මේ වන වට අප රටේ රෝගීන් 801 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කුමන ආකාරයකින් හෝ ප්‍රජාව තුලට මෙම රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් අඩුම කාල සීමාවක් තුල ලබාදුන් කාලය ලෙස පසුගිය කාලපරිච්ඡේදය හැදින්විය හැකියි.”

Related posts

යාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් ගිනි අවි හමුවයි…

Editor O

යළිත් දුම්රිය වර්ජනයක් ඇරඹෙයි

Mohamed Dilsad

රූපලාවන්‍යාගාර ආරක්ෂිත ක්‍රමවේද යට‍තේ යළි විවෘත කිරීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment