දේශීයප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 8 වැනිදා

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප ලබන මස 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 78 ක් රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 14 ක් වෙනුවෙන් වැටුප් ගෙවීමට වෙන් කර ඇත.

මීට පෙර රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 10 වැනිදා ලබාදීමට තීරණය කර තිබුණේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ලෙස ලබාදී ඇති ණය වෙනුවෙන් අපේ‍්‍රල් සහ මැයි මාස සදහා අයවිය යුතු වාරික සහ පොලිය රාජ්‍ය නිලධාරී වැටුපෙන් අය නොකරන බවයි.

Related posts

මිල සූත්‍රය ක්‍රියාත්මක වූවානම් ඉන්ධන මිල රුපියල් 20 කින් අඩුවන බව හිටපු ඇමති මංගල කියයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 241ක්

Mohamed Dilsad

තංගල්ල නගර සභාවෙි අයවැය මාලිමාව පරාදයි

Editor O

Leave a Comment