දේශීය

මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර

(UTV | කොළඹ) – ජනාධිපතිතුමාගේ උපදෙස් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක 0114354550, 01143544655 ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක වන 0112354354 අමතා – දිගු අංක 3872, 3873, 3874, 3875  ඔස්සේ සම්බන්ධ විය හැක.

කපිල ගුණසිංහ, අධ්‍යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක (077-3743718) අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගැනෙන අතර ජනාධිපතිතුමා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කෙරේ.

Related posts

අතුරු අයවැය විවාදය : ඡන්ද විමසීම පස්වරුවේ

Mohamed Dilsad

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා ඉවතට

Mohamed Dilsad

සරසවි යළි විවෘත කිරීම ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment