Trending Newsඑසැන පුවත්දේශීය

පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත්කරයි

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වෙඩරුවේ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල උපාලි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගිහිපැවිදි සාමාජිකයින් 19 දෙනෙකුගෙන් එම කමිටුව සමන්විතය.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පුජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේද එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

මේ වසරේ මාර්තු 10 වැනිදා සිට 2027 වසරේ මාර්තු 09 වැනිදා දක්වා කාලයකට බලපැවැත්වෙන පරිදි මෙම පුරාවිද්‍යා උපදේශක කමිටුව පත්කර ඇතැයි එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

மனித உரிமை ஆணைக்குழுவின் அறிவுறுத்தலை இலங்கை எதிர்க்கின்றமைக்கு அமெரிக்கா அதிருப்தி

Mohamed Dilsad

பல்கலைக்கழக மாணவர்களுக்கு பகிடிவதை கொடுப்பவர்களுக்கு எதிராக வழக்கு

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.

Editor O

Leave a Comment