දේශීය

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරුමැද පළාත්වල අද (20) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක

Editor O

මන්ත්‍රී වැටුප් එක්රැස් කරන පැලවත්තේ පක්ෂ අරමුදල ගැන අල්ලස් කොමිෂමෙන් විමර්ශන

Editor O

හොරණ වෙඩිතැබීමක්

Editor O

Leave a Comment