Trending Newsඑසැන පුවත්දේශීය

රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරුන් හා මහාචාර්යවරුන් අද (30) සියලුම කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යය සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පවසා සිටියේ, විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති මොහොතක, එය සම්මත වීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභාවේ අනුමැතිය ඊට ලැබීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කළ බවය.

එලෙසම මහාචාර්යවරයා පවසන්නේ, එම පනත සම්මත වීමෙන් පසු ක්‍රියාවට නැංවීම සිදුකළද, ඊට පෙර ක්‍රියාවට නැංවීම විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් වන බවය.

මෙම වර්ජනය සඳහා සියලුම විශ්වවිද්‍යාල සහයෝගය දක්වන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

Related posts

அமைச்சர் காமினி ஜயவிக்ரம பெரேரா, ஜனாதிபதி விசாரணை ஆணைக்குழுவுக்கு

Mohamed Dilsad

“Sajith will continue to uplift the youth” – Nalaka Kolonne

Mohamed Dilsad

ගැනුම්කරුවන් නැහැ ; අලුත් වාහන අළෙවි වෙන්නේ නැහැ. – වාහන ආයනයනකරුවෝ

Editor O

Leave a Comment