Trending Newsඑසැන පුවත්දේශීය

ගැනුම්කරුවන් නැහැ ; අලුත් වාහන අළෙවි වෙන්නේ නැහැ. – වාහන ආයනයනකරුවෝ

මෙරටට වාහන ආනයනය කිරීමෙන් පසුව වැඩි ඉල්ලුමක් වාහන සඳහා ලැබී නොමැති බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති. වාහන මත පනවා ඇති අධික බදු ප්‍රතිශතයන් මත ඒවායේ මිල ඉහළ යාම නිසා මෙම තත්වය උද්ගත වී ඇතැයි ඔවුන් පෙන්වා දෙති.

මේ වන විට අළෙවි වෙමින් ඇත්තේ මිල ගැන ගැටළුවක් නැති ඉහළ ධනවත් පුද්ගලයන් විසින් භාවිතා කරන වාහන වර්ග කිහිපයක් බවත් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ගේ වාහන අලෙවිය ඉතා විශාල අඩුවක් තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත රජයේ අපේක්‍ෂිත බදු ආදායම් ඉළක්ක ද අහිමිවීමේ අවදානමක් ඇති බවද ඔවුන් කියා සිටිති.

Related posts

බස්නාහිර විශේෂ වැටලීම්වලින් 409ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නිතිය ඉවත් කල ප්‍රදේශවල තැපැල් සේවා අදින් ඇරඹේ

Mohamed Dilsad

Zimmer, Faltermeyer to score “Top Gun 2”

Mohamed Dilsad

Leave a Comment