යාපනය නල්ලූර් කිට්ටු උද්‍යානය අසලදී, කේරළ ගංජා කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ..
අදාළ සැකකරු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් බවද පොලීසිය කියයි.
අදාළ සැකකරු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට විමර්ශනවලදී අනාවරණ වි ඇති අතර, යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස්. ජයමහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
